Wednesday, December 21, 2016

Unravel පරිගණක ක්‍රීඩාව

එකෝමත් එක කාලෙක එක පැරණි නිවසක වියපත් කතක් හුදෙකලාවේ ජීවත් වන්නීය.ඇගේ දරුවෝ විවාහ වී දුර බැහැර ප්‍රදේශවල ජීවත් වෙති.ඇය ඔවුන් ඈත්ව ගිය නිසා උපන් සිත් තැවුලෙන් කල් ගෙවන්නීය.ඈ ලබන එකම සැනසීම දුවා දරුවන්ගේ පින්තූර බලමින් කල්ගත කිරීමය.එහෙත් එක්වරම ඈ කැමතිම පින්තූර ඇල්බමයේ පින්තූර අපහැදිලි වී යයි. මහලු කත විවේකය ගත කරන්නේ නූල් ගෙත්තම් කරමිනි.ගෙත්තම් කිරීමට යොදා ගන්නා නූල් බෝල සහිත කූඩයක් රැගෙන ඉහල මාලයට නගිමින් සිටියදී රතු පැහැති නූල් බෝලයක් බිමට වැටී පඩිපෙල දිගේ පෙරලී ගොස් අඳුරු ස්ථානයක රැඳේ.අඳුරේදී ඉන් බෝනික්කෙක් නිර්මාණය වෙයි.මෙම ක්‍රීඩාවේදී එම බෝනික්කා හදුන්වන්නේ යානි නමිනි.මෙහිදී ක්‍රීඩා කිරීමට සිදු වන්නේ එම බෝනික්කා හසුරුවමිනි. යානිගේ ප්‍රධාන අරමුණ පින්තූර ඇල්බමයේ අපහැදිලිවී ගිය පින්තූර කලින් තිබූ පරිදි සකස් කිරීමයි.යානි සතුව තම අත් දෙකෙහි ඇති නූල් දුරට විද උස අත්තකට විද එහි නූල පටලවා එහි එල්ලී එතනට නැග ගැනීමට හැකි වීමයි.මෙම පරිගණක ක්‍රීඩාව පිලිබදව පෙන්වන වීඩියෝ සහ තවත් විස්තර unravelgame.com යන වෙබ් අඩවියට පිවිස දැක ගත හැක.